සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කෙරේ

අගෝස්තු 21, 2021

පසු ගිය දින කිහිපයේ රට පුරා පෙරහැරින් වැඩම කරන ලද සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය, මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය ඊයේ පැනවීමත් සමග අද (අගෝස්තු 21) දින සිට කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කෙරේ.

ඒ අනුව, පූජනීය වස්තූන් වෙනුවෙන් ආගමික වතාවත් හා චාරිත්‍ර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති කාලය තුළ සිදු කරනු ඇත.