රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් නාවික හමුදා භාරයට

අගෝස්තු 22, 2021

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය කුච්චවේලී ජයානගර් ප්‍රදේශයේ ඊයේ  (අගෝස්තු 21) සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත්  ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නිවසක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 548ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමල වරාය පොලීසිය හා එක්ව සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම, කොව්ඩ් -19 පැතිරයාම වැළැක්වීම සඳහා වන සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ බව නාවික හමුදාව තහවුරු කරයි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්, වයස අවුරුදු 41-49 වන කුච්චවේලී ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හඳුනාගෙන ඇත.

මෙම කේරළ ගංජා තොගය හා සැකකරුවන් ඉදිරි නීතීමය කටයුතු සඳහා කුච්චවේලී පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.