නවසීලන්ත මහ කොමසාරිස් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල් හමුවෙයි

අගෝස්තු 24, 2021

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල් රියර් අද්මිරාල් අනුර ඒකනායක පසුගිය දිනක වෙරළාරක්‍ෂක මූලස්ථානයේදී හමුවිය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව කෙටි සාකච්ඡාවක් පැවැත්වූ මෙම සුහද හමුව සමරු තිළිණ හුවමාරුවකින් අවසන් වූ බව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ බටහිර කලාපීය අධ්‍යක්‍ෂ කමාන්ඩර් එච් අයි ජේ බුද්ධික ද මේ අවස්ථාවට සහභාගී විය.

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම හමුව පැවැත්වූ බව පුවත් සඳහන් කරයි.