සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

මැයි 14, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස සෝනියා කෝට්ටෙගොඩ මහත්මිය වැඩ භාර ගැනීම අද දින (මැයි 14 දින) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවතී චාම් උත්සවයකදී සිදුවිය.

මෙම අවස්ථාවට අධක්‍ෂ ජෙනරාල් ගිණුම් හා මුල්‍ය, ඒ.ඒ.ටි.කේ අධිකාරි මහත්මිය, ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ නිලධාරීන් ඇතුළු සාමාජිකාවන් විශාල පිරිසක්ද සහභාගවී සිටියහ.

ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකය මුලිකව රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය පිහිටුවා ඇති අතර ඒ වෙනුවෙන් බොහෝ ව්‍යාපෘති සුභසාධන වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කරයි. රණවිරු නිවාස, නිවාස වෙනුවෙන් ණය මුදල්/ මුල්‍ය ආධාර පිරිනැමීම, රණවිරුවන්ගේ දුවා දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා කෘත්‍රිම උපාංග පිරිනැමීම ඇතුළු අවශ්‍යතා ලබාදීම (කෘත්‍රිම අත්/පා, අත්වාරු, රෝදපුටු ආදී) මෙන්ම ත්‍රිවිධ හමුදාවන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකක සමග සමීපව කටයුතු කිරීම ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකය සිදු කරනු ලබයි.