වැන්දඹු පවුලක් සඳහා යුද හමුදාවෙන් නව නිවසක්

අගෝස්තු 30, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදුකරන ලබන සමාජ සුභසාධන වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ඉදිරියට තබමින් මෑතකදී මාතලේ අසරණ පවුලක් වෙත නව නිවසක් ඉදිකර භාර දෙන ලදී.

වැන්දඹු මවක් සඳහා නව නිවසක් ඉදිකිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය.

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා රාජ්‍ය නිලධාරීන්ගේ සහ භට පිරිස්හි දායකත්වයෙන් මේ සඳහා අවශ්‍ය අරමුදල් සහ අමුද්‍රව්‍ය රැස් කිරීමට හැකි වූ බව යුද හමුදාව පවසයි.

මේ සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පර්චස් 10 ක රජයේ ඉඩමක් වෙන් කළ බව යුද හමුදාව වැඩි දුරටත් පැවසීය.

111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රාජිත රත්නායක විසින් එම පවුල සඳහා මෙම නිවස භාර දෙන ලදී.