"පියවර" ව්‍යාපෘතිය යටතේ 50 වන පෙර පාසල ජනතා අයිතියට

පෙබරවාරි 07, 2019

"පියවර" ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද 50 වන පෙර පාසල අනුරාධපුරයේ සියඹලාව ප්‍රදේශයේ මෑතක දී ඉදිකරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් හේමාස් අවුට්රීච් පදනමේ සහයෝගය ඇතිව වන්නි ප්‍රදේශයේ දරුවන් සඳහා පෙර පාසල් 50 ක් ඉදි කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදා භටපිරිස් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙම පෙර පාසැල් 50 ස්ථාපිත කර ඇත. මෙම පෙර පාසල් අතුරින් විශාල ප්‍රමාණයක් වන්නි ප්‍රදේශයේ පිහිටුවා ඇති අතර එමගින් 3500 කට අධික දරුවන් පිරිසක් පූර්ව ළමාවිය ඉගෙනුම් කටයුතුවල නිරත වේ.තවද මෙම පෙර පාසල් හි ගුරුවරුන් 150 දෙනෙකු සේවය කරයි.