යුද හමුදාවේ දුලාන් කොඩිතුවක්කු හෙල්ල විසිකිරීමෙන් ලෝකඩ පදක්කම දිනාගනී

අගෝස්තු 31, 2021

ටෝකියෝ හි 2020 පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියේදී ඊයේ (අගෝස්තු 30) දින හෙල්ල විසිකිරීම (F-64) ඉසව්වෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් කොඩිතුවක්කු මීට පෙර ඉන්දුනීසියාවේ පැවති 2018 ආසියානු පැරා ක්‍රීඩා තරගාවලිය, ඩුබායිහි පැවති 2019 ලෝක පැරා ක්‍රීඩා තරගාවලිය සහ ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වී ඇති බව යුද හමුදාව පවසයි.