යාපනයේ තවත් පවුල් දෙකක් සඳහා යුද හමුදාවෙන් නව නිවාස

සැප්තැම්බර් 02, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව සමාජ සුභසාධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් කොල්ලන්කලඩ්ඩි සහ උඩුවිල් දකුණ ප්‍රදේශයේ දුප්පත් පවුල් දෙකකට නව නිවාස දෙකක් ඉදිකර දෙන ලදී.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රාහකත්වයෙන් නිම කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව  සහ 9 වන ශ්‍රී ලංකා පාබල හමුදාව තාක්ෂණික  හා ශ්‍රම දායකත්වය ලබා දුන් බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් එම නිවාස ප්‍රතිලාභීන් දෙදෙනා වන ජෙනදාස් අනුස්රා මහත්මිය සහ රාජ්කුමාර් තත්චජිනි මහත්මිය වෙත එම නිවාස භාර දුන් බව යුද හමුදාව පවසයි.

සෞඛ්‍ය ආරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම නිවාස භාර දීමේ වැඩසටහන් වලදී ප්‍රතිලාභීන් වෙත වියලි සලාක මලු සහ අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩද ලබා දෙන ලදී.