නව රුසියානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

සැප්තැම්බර් 03, 2021

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ. බොන්ඩරෙව් අද (3) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවිය.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය වෙත අලුතින් පත් කරන ලද ආරක්‍ෂක උපදේශකවරයා, රුසියානු තානාපති අතිගරු යූරි මැටේරි මහතා විසින් ආරක්‍ෂක ලේකම් වෙත හඳුන්වා දෙනු ලැබිය.

නව රුසියානු ආරක්‍ෂක උපදේශක කර්නල් ඒ.බොන්ඩරෙව් වෙත ආරක්‍ෂක ලේකම් විසින් මෙහිදී සිය සුභ පැතුම් පිරිනැමූ අතර ද්විපාර්ශවිකව වැදගත් වන අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳව මෙම නියෝජිත පිරිස ආරක්‍ෂක ලේකම් සමඟ සුහද සාකච්ඡාවකද  නිරත විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර සහ රුසියානු තානාපති කාර්යාලයේ සහායක ආරක්‍ෂක උපදේශක කර්නල් පවෙල් වී. ඉවාශින්නිකොව්ද මෙම අවස්ථාවට සහභාගී විය.