සෞඛ්‍ය සේවය ඉහල නැංවීම සඳහා නාවික හමුදාවෙන් ලේ දන්දීමක්

සැප්තැම්බර් 06, 2021

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගියදා වැලිසර නාවික හමුදා සංකීර්ණයේදී ලේ දන් දීමේ ව්‍යාපාරයක් පැවැත්වීය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත ජාතික රුධිර පාරවිලයන සේවාව සමඟ අත්වැල් බැඳගනිමින් මෙම ලේ දන් දීමේ ව්‍යාපාරය පැවැත්වූ බව නාවික හමුදාව පවසයි.

සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරමින් නාවික හමුදා සෙබළුන් විශාල පිරිසක් තම රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වුහ.