මුලතිව් ප්‍රදේශයේ යුද හමුදාව භාවිතා කල ඉඩම් ප්‍රාදේශීය රාජ්‍ය බලධාරීන්ට භාර දෙයි

සැප්තැම්බර් 07, 2021

මුලතිව් කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරවිපංචන් ගම්මානයේ පර්චස් 36.8 ක ඉඩමක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පසුගියදා ප්‍රාදේශීය ප්‍රාෙද්ශිය බලධාරින් වෙත භාර දෙන ලදී.

ඒ අනුව, එම ඉඩම කරච්චි ප්‍රාදේශීය ලේකම් බී. ජෙයහරන් මහතාට භාර දුන් බව යුද හමුදාව පැවසීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සිසිර පිලපිටියගේ අධීක්ෂණය යටතේ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන විසින් සංකේතාත්මකව ඉඩම ලබා දීමේ ලිපි ලේඛණ භාර දෙන ලදී.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවති මෙම අවස්ථාවට රාජ්‍ය හා හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී විය.