ජිවිත රැකුමට යුද හමුදාවෙන් ලේ දන්දීමක්

සැප්තැම්බර් 08, 2021

අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින් යුද හමුදා භට පිරිස් ඊයේ (සැප්තැම්බර් 7) දින මහනුවර ශික්ෂණ රෝහලේ ලේ බැංකුව සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් සිදුකරන ලදී.

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 11 වන සේනාංකයට අයත් භට පිරිස් 130 කට වැඩි පිරිසක් මෙම උතුම් කාර්යය සඳහා දායක වූ බව යුද හමුදාව පවසයි.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ද මෙම අවස්ථාවට සහභාගී විය.