මව්බිම රැකුමට කැපවූ රණවිරුවන්ට අත්වැලක්

සැප්තැම්බර් 10, 2021

මව්බිම වෙනුවෙන් තම ශරීරාංග පුදකල පොලොන්නරුව මැදිරිගිරිය සංසදයේ කේ.පි.පි.ඒ. කරුණාරත්න හා කේ.ජි.යූ නවරත්න යන විශ්‍රාමික රණවිරුවන් දෙපල සදහා රණවිරු සේවා අධිකාරිය විසින් අත්වාරු යුගලයන් ප්‍රධානය කිරිම පසුගියදා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරන ලදී.

පරිත්‍යාගශීලින්ගේද දායකත්වය ලබාගනිමින් රණවිරු සේවා අධිකාරිය විසින් මෙම අත්වාරු යුගලයන් ප්‍රදානය සංවිධානය කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ පොලොන්නරුව දිස්ත්‍රික් නිලධාරීගේ ආරාධනයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ ධර්මසිරි මහතා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඊ.එම්.ජී.එස්. ඒකනායක මහතා ද මේ අවස්ථාවට සහභාගි වන ලදී.