යුද හමුදාව කුඹුක්කන හා වැලිමඩ ඇති වූ ලැව් ගිනි මැඩපවත්වයි

සැප්තැම්බර් 14, 2021

මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන දෙගලරබ කන්ද වන රක්ෂිතයේ සහ මහාගොඩයාය යන වනාන්තර ප්‍රදේශවල පසුගියදා ඇති වූ ලැව් ගිනි පාලනය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.

121 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ එම බලසේනාවේ භට පිරිස් මෙම කාර්යයට සහභාගී වූ බව යුද හමුදාව පවසයි.

මේ අතර, වැලිමඩ, පහළගම කොටවර, රෝහල් කන්දෙහි හටගත් ලැව් ගින්නක් ද 121 වන බලසේනාවේ භට පිරිස් විසින් එදිනම නිවා දැමූ බව යුද හමුදාව තහවුරු කරයි.