යුද හමුදාව පොද්දෙනිකන්ද මහා විද්‍යාලයේ සංවර්ධන කටයුතු නිම කරයි

සැප්තැම්බර් 14, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යටියන්තොට , මාලිම්බඩ පිහිටි පොද්දෙනිකන්ද මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරය සහ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණ කටයුතු මෑතකදී අවසන් කරන ලදි.

දික්‌කැල්ලකන්ද ගම්මානයේ පැවැත්වූ ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහනේදී ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘති ආරම්භ කළ බව යුද හමුදාව සඳහන් කළේය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි පළමුවන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුව සහ 12 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව එක්ව ව්‍යාපෘති අවසන් කළ බව යුද හමුදාව පවසයි.