ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩිකාවන් ලෝක හමුදා බොක්සිං ශූරතාවලියට

සැප්තැම්බර් 16, 2021

58 වන ලෝක හමුදා බොක්සිං ශූරතාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බොක්සිං කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු අද (16) ශ්‍රී ලංකාවේ සිට රුසියාවේ මොස්කව් බලා පිටත්ව යාමට නියමිතය.

ජාත්‍යන්තර බොක්සිං විනිසුරුවරයෙකු වන බලඝණ නායක ප්‍රසාද් විජේසිංහ ද මෙම කණ්ඩායම සමග එක්වන බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, මෙම ක්‍රීඩිකාවන්ට සිය සුභ පැතුම් එක් කළේය.