කටුනායක ගුවන්තොටුපල වෙත ලැබුණු ‘ව්‍යාජ විද්‍යුත් පණිවුඩය’ පිළිබඳව කලබල විය යුතු නැත - ආරක්ෂක ලේකම්

සැප්තැම්බර් 17, 2021

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලධාරීන් වෙත ලැබුනු ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩයක් පිළිබඳව සඳහන් කරමින් සම්මත ආරක්‍ෂක පියවර ක්‍රියාත්මක වන හෙයින් එම විද්‍යුත් තැපැල් පණිවිඩයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මහජනතාව කිසිදු අයුරකින් කලබල හෝ බිය විය යුතු නැති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) තහවුරු කළේය.

රටතුල පවත්නා සාමය කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබමින් රටේ ආරක්‍ෂාව සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සිය රාජකාරීන් ඉටුකරනු ලබයි.

පුද්ගලික ලාභයක් තකා කොළඹ පෞද්ගලික රෝහලක අත්බෝම්බයක් තැබූ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදු කරනු ලබයි.