තවත් වියලි කහ තොගයක් සමග සැකකරුවන් ‍දෙදෙනෙක් නාවික හමුදා භාරයට

සැප්තැම්බර් 17, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මීගමුව, මා ඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයෙහි  සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් ඊයේ  (සැප්තැම්බර් 16) අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී  සැකකරුවන් දෙදෙනෙකු   සහ ඩිංගි යාත්‍රා දෙකක්  ද නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව මෙ‍ම මෙහෙයුම සිදු කළ බව  නාවික හමුදාව පවසයි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ක් වන මිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර,  එම සැකකරුවන්, වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදී   ඇත.