කොතලාවල විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් පුළුල් කෙරේ

සැප්තැම්බර් 17, 2021

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් නවීන පහසුකම් සහිත නව නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඊයේ (සැප් 16) වේරහැර දී  ආරම්භ කර තිබේ.

ව්‍යාපෘතිය දින 250 කින් නිම කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.

මෙම අවස්ථාවට විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් සහ අදාල ඉඩම පරිත්‍යාග කළ මාලිනී කොතලාවල මහත්මියද ද සහභාගී විය.