ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ අකුණු පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

සැප්තැම්බර් 17, 2021

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අනෙකුත් ප්‍රදේශ වල සවස හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සමහර ප්‍රදේශවලට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.