තැලසීමියා රෝගීන් සඳහා යුද හමුදා භට පිරිස් ලේ දන් දෙයි

සැප්තැම්බර් 18, 2021

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වටිනා ජීවිත රැක ගැනීමේ අරමුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැලසීමියා රෝගීන් සඳහා ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් පසුගියදා සිදු කළේය.

ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කරන ලද්දේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ අධිපති සහ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සිසිර පිලපිටියගේ උපදෙස් මත කුරුණෑගල බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසිනි.

සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුගමනය කරමින් සිදුකළ මෙම වැඩසටහන සදහා යුද හමුදා භටයින් 160 දෙනෙකු රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ බව ද යුද හමුදාව පවසයි.

වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ සහ කුරුණෑගල ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහයද ලැබී ඇත.