ගුවන් හමුදා ‘කැලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම්’ පාඨමාලාව විදේශීය පුහුණුලාභීන් විසින් සාර්ථකව නිම කෙරේ

සැප්තැම්බර් 19, 2021

බංග්ලාදේශය, මාලදිවයින සහ පාකිස්තානය යන රටවලින් පැමිණි විදේශීය පුහුණුලාභීන් හය දෙනෙකු සඳහා වූ අංක 02 ‘කැලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම්’ පාඨමාලාව පසුගියදා මොරවැව පිහිටි ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසලේදී සාර්ථකව නිමාවන ලදී.

මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ ගුවන් යානා භාවිතා කිරීම තුලින් සෙවීම සහ මුදවා ගැනීම, විශේෂ මෙහෙයුම් සහ ක්‍රම ශිල්ප සහ ක්‍රියා පටිපාටි වල වෘත්තීයභාවය වර්ධනය කර ගැනීම සඳහා ය.

මිත්‍රශීලී විදේශ හමුදාවන්ගේ මෙම අංශ පිළිබඳව අන්‍යෝන්‍ය අවබෝධය මෙමගින් වැඩි කරන බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදාව පවසන පරිදි ගුවන් යානා ආශ්‍රිත පුහුණුවීම් රාශියක් පාඨමාලාව තුලින් ආවරණය කර ඇත.

කොවිඩ්-19 වැළැක්වීම සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම පුහුණුව පැවැත්වූ බව ගුවන් හමුදාව වැඩිදුරටත් පැවසීය.