වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සන්නද්ධ හමුදා සදහා ජීවිතාරක්‍ෂක පුහුණු පාඨමාලාවක්

සැප්තැම්බර් 20, 2021

ජල ආරක්‍ෂක දැනුම වැඩි දියුණු කිරීම සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සදහා ජල අනතුරුවලදී ප්‍රතිචාර දැක්වීමේ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ගුවන් හමුදාව සඳහා බලපිටිය, ජීවිතාරක්‍ෂක පුහුණු පාසලේදී පසුගියදා මූලික මට්ටමේ ජීවිතාරක්‍ෂක පුහුණු පාඨමාලාව පැවැත්වීය.

මූලික මට්ටමේ ජීවිතාරක්‍ෂකයින් ලෙස සේවය කිරීම සඳහා යුද හමුදා භටයින් පස් දෙනෙකු සහ ගුවන් භටයින් දස දෙනෙකු සුදුසුකම් ලැබූ බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.

හදිසි අවශ්‍යතාවලදී සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ වගකීම් කාර්යභාරය පුළුල් කිරීම සහ ජල සුරක්‍ෂිතතාව පිළිබඳ දැනුම අන් අය අතර බෙදා හැරීම සදහා ජීවිතාරක්‍ෂකයන්ගේ සේවය ලබාගත හැකිවීම අමතර වාසියක් වන බව ද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම පාඨමාලාව පැවැත්වූ බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව තහවුරු කළේය.