නික්මයන පකිස්තාන මහකොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

සැප්තැම්බර් 23, 2021

ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් මේජර් ජෙනරල් මුහම්මද් සාද් කතක් (විශ්‍රාමික) සිය ධූර කාලය සම්පූර්ණ කර නික්ම යාමට ප්‍රථම ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (සැප්තැම්බර් 23 ) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.

රටවල් දෙක අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා මහ කොමසාරිස්වරයා සිදු කළ සේවාවන් පිළිබඳව මෙහිදී ආරක්ෂක ලේකම් සිය ප්‍රසංසාව පළ කළේය.

මහ කොමසාරිස් මේජර් ජෙනරල් කතක් මෙරට සංස්කෘතිය, සුන්දරත්වය සහ අභිමානය මෙන්ම මෙහි ජනතාවගේ ආගන්තුක සත්කාරයද බෙහෙවින් අගය කල අතර, රටේ සංවර්ධන මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා යොදාගැනීමේ ප්‍රවේශයන්හි වැදගත්කම පිළිබඳව ද ඔහු අවධාරණය කළේය.

දිවයිනේ සිටි කාලය තුළ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් විසින් ලබා දුන් සහයෝගය වෙනුවෙන් පාකිස්තාන මහ කොමසාරිස්වරයා විශේෂයෙන් සිය ස්තූතිය පුද කළේය.

අද පෙරවරුවේ පැවති මෙම සුහද හමුවෙහිදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න නික්ම යන පාකිස්තාන මහ කොමසාරිස්වරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර සහ පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය ආරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුව මෙම හමුව පැවැත්විය.