ගුවනේ දස්කම් පෑ හෙලිකොප්ටර් යානා බළඝණය වසර 27 සපුරයි

සැප්තැම්බර් 27, 2021

ඉනෝකා සමරවික්‍රම

බාලවියේ සිටියද මහලු වියේ සිටියද මැදි වියේ සිටිය ද කියා වෙනසක් නැත ගුවනේ අහස් යානයක් යන විට කාගෙත් නෙත් මොහොකට හෝ එදෙසට යොමු වීම සුලභ දසුනකි.

ඒ තරමටම උඩු ගුවනේ සරණ ගුවන් යානා ගැන කාටත් ඇත්තේ පුදුමාකාර විමසිල්ලකි. මේ කියන්නට යන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ගැන වෙනමම කතාවකි.

‘සහනය සැණකින්‘ යන්න උද්ධෘත පාඨය කර ගනිමින් හිඟුරක්ගොඩ ගුවන්හමුදා කඳවුරේ පිහිටුවනු ලැබු ශ්‍රි ලංකා ගුවන් හමුදා බළගණයට මේ වන විට වසර 28ක් සපිරේ.

1994 වසරේ සැප්තැම්බර් 23 දින අංක 401 බලගණය ලෙස ඇමරිකාවේ නිෂ්පාදිත බෙල් 212 සහ බෙල් 206 හෙලිකොප්ටර් යානා වලින් සමන්විතය මෙය ආරම්භ කරන ලදී. යුද සමයේදී මානුෂිය මෙහෙයුම් රැසකට දායකත්වය ලබාදුන් හෙලිකොප්ටර් යානා බළගණය විසින් කළ මෙහෙය සුවිශාලය.

ස්වභාවික විපත්වලදී ක්‍රියාකාරී මෙහෙයුම් සිදුකරමින්

විශේෂයෙන්ම මානසීය මෙහෙයුම් සමයේදී අනතුරට පත් යුද හමුදාවට සේම ඒ අවස්ථාවවේදි බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දුන් සිවිල් වැසියන් ට කළ මෙහෙය සුවිශාලය. එය යුද්ධයේ දායකත්වයට සෘජු දායකත්වයක් ලබා දුන් බව අමතක කළ නොහැකිය. එකල මෙම හෙලිකොප්ටර් යානා මඟින් හදිසි වෛද්‍ය ප්‍රවාහනය, ගිනි නිවීමේ කටයුතු. මෙන්ම ඉන් පසු කාලිනව අද දක්වා කරන මෙහෙය සුවිශාලය.

ස්වාභාවික ආපදාවන්හිදී ආධාර මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, කැලෑ හා මුහුදු ගලවා ගැනීමේ මෙහෙයුම් උපායශීලි නිරීක්ෂණ මෙහෙයුම් ආදිය මෙන්ම 2004 වසරේදී සුනාමි ව්‍යසනය පැවැති අවස්ථාවේදී ඔවුන් කළ මෙහෙය සුවිශාලය.

2017 වසරේදි පැවැති ගංවතුර ව්‍යසනයේදී මහජනයා වෙනුවෙන් කළ මෙහෙය අපමණය. එදා මෙදා තුළ රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් කළ අනගි මෙහෙවර උදෙසා 2019 වසරේ මාර්තු මාසයේදී ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබීය‍

27 වන සංවත්සරය වෙනුවෙන් අංක 07 හෙලිකොප්ටර යානා බළගණයේ වත්මන් අණදෙන නිලධාරි ගෘෘප් කැප්ටන් සමීර ගුණවර්ධනයන්ගේ උපදෙස් මත හිඟුරක්ගොඩ බෝසත් ළමා නිවාසයේ ශ්‍රමදානයක් ඇතුළු තවත් බොහෝදේ සිදුකෙරිණි.

අනුග්‍රහය - www.silumina.lk