ජාත්‍යන්තර සෙවීමේ හා ගලවා ගැනීමේ උපදේශක කණ්ඩායම වෙතින් පුහුණු පාඨමාලාවක්

සැප්තැම්බර් 28, 2021

සෙවීමේ හා ගලවා ගැනීමේ මූලික පුහුණු පාඨමාලාවක් මුලතිව් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පිහිටි ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වූ අතර එහි සහතික පත් ප්‍රදානය පසුගියදා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණි.

ජාත්‍යන්තර සෙවීමේ හා ගලවා ගැනීමේ උපදේශක කණ්ඩායමේ අනුග්‍රහයෙන් පැවති මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සහ ගුවන් හමුදා සෙබළුන් 40 දෙනෙකු පමණ සහභාගී වී ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

මෙම පාඨමාලාවේ අවසාන ප්‍රායෝගික අභ්‍යාසය මුලතිව් ගුවන් හමුදා කඳවුර තුළ අලුතින් ඉදිකරන ලද නාය යාමකදී ඇතිවන තත්වයන් සහිත ව්‍යුහාත්මක පුහුණු ප්‍රදේශයකදී සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවස්ථා වලින් සමන්විත වූ බව ගුවන් හමුදාව පවසයි.