58 වන ලෝක හමුදා බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

සැප්තැම්බර් 28, 2021

රුසියාවේ මොස්කව්හිදී පසුගියදා පැවති 58 වන ලෝක හමුදා බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් සජීව නුවන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා ගයානි කළුආරච්චි විසින් ලෝකඩ පදක්කම් දිනා ගන්නා ලදී.
 
යුද සහ ගුවන් හමුදා ආරංචි මාර්ග වලට අනුව, ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බළකායේ ලාන්ස් කෝප්‍රල් නුවන්, කිලෝග්‍රෑම් 49 බර පන්තිය යටතේ ලෝකඩ පදක්කම දිනාගෙන ඇති අතර කාන්තා කිලෝග්‍රෑම් 75 බර පන්තියේ ලෝකඩ පදක්කම නායක ගුවන් කාන්තා කළුආරච්චි විසින් දිනාගෙන ඇත.

රටවල් 36 ක තරඟකරුවන් 230 කට වැඩි ප්‍රමාණයක් මෙම ශූරතාවලිය සඳහා තරඟ වැදුන බව යුද හමුදාව තහවුරු කළේය.