කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019 අගෝස්තු මස අවසානයේදී

අගෝස්තු 06, 2019

කොළඹ ආරක්ෂක සමුළුව - 2019 මේ මස (අගෝස්තු) අවසානයේ කොළඹදී පැවැත්වීමට නියමිතය. යුද හමුදා නිල වෙබ්අඩවියට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දෙදින ජාත්‍යන්තර ආරක්ෂක සමුළුව 29 වන දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ආරම්භ වන අතර 30 වන දින සමාප්ති උත්සවය පැවැත්වීමට නියමිතය.

පසුගිය (2018) වසරේ අගෝස්තු මාසයේදී ‘ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්‍ෂාව’ යන තේමාව යටතේ 8 වන කොළඹ ආරක්ෂක සමුළුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පවත්වන ලදී.

වාර්ෂික සම්මන්ත්‍රණ මාලාව ආරක්ෂක සමුළුව ලෙස 2011 වර්ෂයේදී රටවල් 60 ක විදේශීය නියෝජිතයින් 160 කට වඩා වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා ඇත. 2016 වර්ෂයේදී ජාත්‍යන්තර සම්මන්ත්‍රණය නැවත ‘කොළඹ ආරක්ෂක සමුළුව’ ලෙස නම් කරන ලදී