කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පාකිස්ථාන විශ්වවිද්‍යාලයක් සමඟ සහයෝගිතාවයකට

ඔක්තෝම්බර් 03, 2021

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පාකිස්ථානයේ ‘COMSATS’ විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ලේඛනයක් පසුගියදා අත්සන් කරන ලදී.

මෙම පියවරයන් සමඟ ජෛව විද්‍යාව ආශ්‍රිත ක්ෂේත්‍ර වල හවුල් අවශ්‍යතා සඳහා සහයෝගීතාව වැඩි දියුණු කිරීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අපේක්ෂා කරයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් සහ ‘COMSATS’ විශ්වවිද්‍යාලය වෙනුවෙන් මහාචාර්ය මුහම්මද් ටී. අෆ්සාල් මහතා අවබෝධතා ලේඛනයට අත්සන් තැබූ බව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.