නාවික හමුදාව යාපනය අර්ධද්වීපයේ කඩොලාන පැළ රෝපණය කරයි

ඔක්තෝම්බර් 05, 2021

යාපනය අර්ධද්වීපයේ කලපු ආශ්‍රිතව කඩොලාන සංරක්‍ෂණය සහ වෙරළ ඛාදනය වැළැක්වීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගියදා කිලාලි කලපුවේ කඩොලාන පැළ රෝපණය කරන ලදී.

යාපනය අර්ධද්වීපයේ කඩොලාන පැල 5000ක් රෝපණය කිරිමේ වැඩසටහන ආරම්භ කරමින් උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදා භට පිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදී.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම වැඩසටහන සඳහා වෙත්තලකේණි නාවික ස්ථානගතකිරීමේ අණදෙන නිලධාරී ඇතුළු නාවිකයින් පිරිසක් සහභාගී වී සිටින ලදී.

Sinhala.