2022 සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ දිනයන්

ඔක්තෝම්බර් 06, 2021

2022 වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ දිනයන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.

ඒ අනුව, ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයින්/ ආයතන ඉදිරි වර්ෂය (2022) සඳහා සිය ගිනි අවි බලපත්‍රය 2021 දෙසැම්බර් 01 දින සිට 2022 පෙබරවාරි 28 දක්වා කාලය තුලදී අළුත් කළ යුතුය.

2022 පෙබරවාරි 28 දිනෙන් පසු ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සිදු නොකරන අතර තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියට අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදකි.

 

අයදුම් පත්‍රය බාගත කිරීම