යාපනය ශික්ෂණ රෝහල සඳහා යුද හමුදාවෙන් ලේ දන්දීමක්

ඔක්තෝම්බර් 06, 2021

යාපනය ශික්ෂණ රෝහලේ රුධිර සංචිතයට අවශ්‍ය රුධිරය ලබාදීම සඳහා ලේ දන් දීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා අයියකච්චිහි ස්ථාපිත 552 වන බලසේනා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ මඟ පෙන්වීම යටතේ පැවති මෙම වැඩසටහන සඳහා 552 වන බලසේනාවේ 150 කට අධික භට පිරිසක් දායක වූ බව යුද හමුදාව පවසයි.