යුද හමුදාව මගින් තවත් වාරිමාර්ග වැව් ප්‍රතිසංස්කරණයට

ඔක්තෝම්බර් 09, 2021

රජයේ "වාරි සෞභාග්‍ය" වැඩසටහන යටතේ මහවැලි "එල්" කලාපයේ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති මෑතකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කරන ලදී.

ඉංජිනේරු බලකා අධීක්ෂණය යටතේ 11 වන ක්ෂේත්‍ර ශ්‍රී ලංකා ඉංජිනේරු භට පිරිස් මහවැලි අධිකාරියේ අරමුදල් වලින් වැව් ප්‍රතිසංස්කරණය කරන බව යුද හමුදාව පවසයි.

ඒ අනුව, ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති කිරීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු භට පිරිස් විසින් 51 වන සේනාංකයේ සේනාංකාධිපති හා ඉංජිනේරු බලකා අධීක්‍ෂණය යටතේ වැව් ව්‍යාපෘති 10 ක් භාරගෙන ඇත.

මහවැලි අධිකාරිය සමඟ ශ්‍රී ලංකා ඉංජිනේරු භට පිරිස් මෙම වැව් වල තැන්පත්ව ඇති මඩ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර අක්කර 700 කට වැඩි භූමි භාගයක් ආවරණය වන පරිදි ගොවීන් 800 කට වැඩි පිරිසකට මෙම ව්‍යාපෘති මඟින් ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි යුද හමුදාව තහවුරු කළේය.