සඳහිරු සෑය ව්‍යාපෘතිය ජනාධිපති ගේ නිරීක්ෂණයට

ඔක්තෝම්බර් 09, 2021

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (ඔක් 09) දින අනුරාධපුර සඳහිරු සෑයේ ඉදිකිරීම් සහ නියමිත වැඩ කටයුතු නිරීක්ෂණය කළේය.

දැනට ඉදිකරමින් පවතින බෝධිඝරය, දොලොස් මහේ පහන ඇතුළු ස්ථාන මෙන්ම බැතිමතුන්ගේ වාහන අංගනය, ඉතිරි වැඩ කටයුතු සහ යෝජිත කෞතුකාගාරය ඇතුළුව පිවිසුම් දොරටුවේ භූමි අලංකරණය සබැඳිව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ව්‍යාපෘති නිලධාරින් විසින් ජනාධිපතිතුමාගේ අවධානයට ලක් කරන ලදී.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නියමිත සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශයන්ට අනුකූලව එම ස්ථානයේ සියලුම වැඩ කටයුතු සිදු කෙරේ.

මෙම වසරේ නොවැම්බර් මාසය තුළදී සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය සෑයේ තැන්පත් කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් අනතුරුව සැදැහැවත් බැතිමතුන්ගේ වන්දනාවට ලක් කිරීමට කටයුතු සූදානම් කරමින් පවතී.