යුද හමුදා දිනයේ දී නිලධාරින් 567 ක් සහ සෙසු නිලයන් 10368 ක් සඳහා උසස්වීම්

ඔක්තෝම්බර් 10, 2021

අද (ඔක්තෝබර් 10) දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 567 ක් සහ සෙසු නිලයින් 10368 ක් සඳහා උසස්වීම් ලබා දෙන ලදි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ අනුමැතිය ඇතිව නිසි සුදුසුකම් සපුරාලනු ලැබූවන් සඳහා මෙලෙස උසස්වීම් ලබා දීමට පියවර ගන්නා ලද බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.

ඒ අනුව නිලධාරීන් 8 ක් මේජර් ජෙනරල් නිලයට ද 17 ක් බ්‍රිගේඩියර් නිලයට ද 42 ක් කර්නල් නිලයට ද 60 ක් ලුතිනන් කර්නල් නිලයට ද 256 ක් මේජර් නිලයට ද 10 ක් කපිතන් නිලයට ද 152 ක්  ලුතිනන් නිලයට ද අද දින උසස්වීම් ලැබූ අතර යුද්ධ හමුදා සාමාජිකයින් 22 ක්  නව නිලධාරීන් ලෙස අධිකාරියට පත් කරන ලදී.