සඳහිරු සෑයේ කොත්වහන්සේ අඟහරුවාදා දින මහනුවර ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමය වෙත වැඩම කෙරේ

ඔක්තෝම්බර් 11, 2021

සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය හෙට (ඔක්තෝම්බර් 12) දින ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමය වෙත වැඩමකිරීමට නියමිතයි.

මෙම පුජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝම්බර් 11) දින උදෑසන මහනුවර මල්වතු මහා විහාරයෙන් ගමන් ආරම්භ කල අතර ඩීඑස් සේනානායක වීදිය, මහයියාව, වටපුළුව, ලේවැල්ල, ලේවැල්ල පාලම, සිරිමල්වත්ත අම්බලම, මඩවල, පොල්ගොල්ල, කටුගස්තොට පාලම, හල්ඔළුව, අනිවත්ත සහ ඉහළ කටුකැලේ පසුකරමින් ගමන් කර අද දින ගමනාන්තය වන මහනුවර අස්ගිරි මහා විහාර මහා පිරිවෙන වෙත පැමිණේ.

පූජනීය මහා සංඝ රත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුකෙරෙනු ඇත.

පෙරහැර ගමන්ගන්නා අවස්ථාවේදී රථවාහන පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදුකරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.