වව්නියාව රෝහල සඳහා යුද හමුදාවෙන් ලේ දන්දීමක්

ඔක්තෝම්බර් 13, 2021

වව්නියාව රෝහලේ ලේ බැංකුව වෙත ලබාදීම සඳහා ලේ දන් දීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා යුද හමුදා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සිටින භට පිරිස් විසින් පසුගියදා සංවිධානය කරන ලදි.

213 වන බලසේනා මූලස්ථානය, 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, 5 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා පාබල හමුදාව, 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සහ යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය යන ස්ථානයන්ට අයත් භට පිරිස් සහ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා ඇතුළු 100 කට අධික පිරිසක් මේ සඳහා දායක වූ බව යුද හමුදාව පවසයි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ වව්නියාව මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් මෙම ව්‍යාපෘතිය සඳහා සහභාගී වූ බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.