සඳහිරු සෑයේ කොත් පැළඳවීම සඳහා ගුවන් හමුදාවෙන් පෙරහුරුවක්

ඔක්තෝම්බර් 18, 2021

අනුරාධපුර සඳහිරු සෑයේ මුදුනත කොත් වහන්සේ පැළඳවීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 හෙලිකොප්ටර් යානයක් ආධාරයෙන් සිදු කිරීමට නියමිත බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.   

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඊයේ (17) දින අනුරාධපුරයට පැමිණ එහි පෙරහුරු නිරීක්ෂණය කර එම කාර්යය සඳහා ගුවන් නියමුවන්ට අවැසි උපදෙස් ලබා දෙන ලදී.

රත්මලානේ පිහිටි අංක 04 හෙලිකොප්ටර් යානා බලඝනය විසින් මෙම මෙහෙයුම සිදු කරනු ලබන බව ගුවන් හමුදාව වැඩිදුරටත් පැවසීය.

පූජනීය කොත් වහන්සේ ජනතා ප්‍රදර්ශනය සඳහා පෙරහැරකින් වැඩමවීම මේ දිනවල සිදු කෙරෙන අතර එය අද සවස දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කෙරෙනු ඇත.