යාපනයේ කලපු ආශ්‍රිත නාවික හමුදාව කඩොලාන පැළ 5000ක් රෝපණය කරයි

ඔක්තෝම්බර් 19, 2021

ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු නාවික විධානය මඟින් විසින් දියත් කල යාපනය අර්ධද්වීපයේ කඩොලාන පැල 5,000 ක් රෝපණය කිරීමේ වැඩසටහන පසුගියදා (ඔක්තොම්බර් 17) පොන්නාලේ කළපුවේදී සාර්ථකව අවසන් විය.

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ මෙම පරිසර සංරක්‍ෂණ වැඩසටහන ඔක්තෝම්බර් මස 3 වන දා යාපනය කිලාලි කලපුවෙන් ආරම්භ කල බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.  
 
සාගර පාරිසරික පද්ධතිය තුල කඩොලාන වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර එය වෙරළ තීරයේ පරිසර පද්ධති ස්ථාවර කිරීමට, ඛාදනය වීම වැළැක්වීමට සහ අයහපත් කාලගුණික තත්වයන් තුළ කුණාටු සහිත බලපෑම් අවශෝෂණය කර ගැනීමට උපකාරී වේ.

තවද, එය මත්ස්‍යයින් හා අනෙකුත් ජලජ ජීවීන්ගේ අභිජනන භූමියද වේ.

කලපු ආශ්‍රිත ප්‍රදේශ වල මෙවැනි සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කිරීම කාලීන අවශ්‍යතාවයක් වන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුලිකත්වයෙන් එම කාර්යය සඳහා විශේෂයෙන් මුහුදුබඩ ප්‍රදේශ වල සාගර පාරිසරික ආරක්‍ෂාව සහ සංරක්‍ෂණ ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇත.

පොන්නාලේ කලපුවේදී පැවති වැඩසටහන, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද බව නාවික හමුදාව පවසයි.