ගිනි අවි බලපත්‍ර අළුත් කිරීම සඳහා නව අයදුම් පත්‍රයක්

ඔක්තෝම්බර් 22, 2021

ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සඳහා නව අයදුම්පත්‍රයක් හඳුන්වා දී ඇති අතර එම අයදුම්පත්‍රය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

ගිනි අවි බලපත්‍ර හිමි පුද්ගලයින්ට සහ ආයතනවලට එම අයදුම්පත්‍රය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය මගින් බාගත කර නිසි පරිදි සම්පුර්ණ කිරීමෙන් පසු ආරක්‍ෂක අමාත්‍යාංශයට හෝ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යොමු කළ හැකිය.

පෙර දැනුම් දුන් පරිදි ඉදිරි වසර සඳහා (2022) ගිනි අවි බලපත්‍ර අළුත් කිරීම, 2021 දෙසැම්බර් මස 01 සිට 2022 පෙබරවාරි මස 28 දක්වා සිදු කෙරේ.

නියමිත කාලය අවසන් වූ පසු (2022 පෙබරවාරි 28) ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සිදු නොකෙරේ.

ගිනි අවි ආඥා පනතේ 22 වන වගන්තියට අනුව වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනි අවි ළඟ තබා ගැනීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදකි.