යුද හමුදා භට පිරිස් වඩිඩුවග් සිට කෝකිලායි දක්වා වෙරළ තීරය පිරිසිදු කරයි

ඔක්තෝම්බර් 23, 2021

පිරිසිදු සහ ආරක්‍ෂිත වෙරළ පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් වඩිඩුවග් සිට කෝකිලායි දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා සිදු කරන ලදි.

මුලතිව් ආරක්‍ෂක සේනාව යටතේ ඇති 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 19 වන ගැමුණු හේවා බලකාය සහ 5 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් මෙම පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සිදුකළ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

මෙම ව්‍යාපෘතියේදී, යුද හමුදාව විසින් මුලතිව් ප්‍රාදේශීය සභාව විසින් ලබාදුන් ට්‍රැක්ටර් රථ යොදා ගනිමින් මුහුදු වෙරළේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ පොලිතීන් වැනි සමුද්‍ර දූෂක ද්‍රව්‍ය ඉවත් කළ බව යුද හමුදාව තහවුරු කළේය.