වව්නියාව, බෝගස්වැව මහා විද්‍යාලයට ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක්

ඔක්තෝම්බර් 26, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ප්‍රජා සුබසාධනය ඉලක්ක කරගත් සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් වව්නියාව බෝගස්වැව මහා විද්‍යාලයේ සිසුන් සහ අවට පදිංචිකරුවන් සඳහා තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ඊයේ (ඔක්තෝබර් 25) දින ලබා දෙන ලදි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නිදන්ගත වකුගඩු රෝගය වැලැක්වීමේ ජාතික වැඩසටහනට හවුල් වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ දානපතියන්ගේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වය සපයමින් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන 880ක් දිවයින පුරා ස්ථාපිත කර ඇත.

උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න විසින් නව ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීම ඊයේ (25) දින එම පාසල් පරිශ්‍රයේ දී සංවිධානය කර තිබූ උත්සවයකදී සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් පිරිසක් මෙන්ම නාවික හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් සීමිත පිරිසක් ද සහභාගී විය.