යුද හමුදා සාමාජිකයින් නවදෙනෙක් ලෝක හමුදා ජූඩෝ ශුරතාවලිය සඳහා ප්‍රංශයට

ඔක්තෝම්බර් 27, 2021

ශ්‍රී ලංකා යුද හමුදාවේ ජූඩෝ කමිටුව විසින් ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 4 දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන ලෝක හමුදා ජූඩෝ ශූරතාවලිය - 2021 නියෝජනය කිරීම සඳහා යුද හමුදා ජූඩෝ ක්‍රීඩකයින් 9 දෙනෙකු ඉදිරිපත් කර ඇත.

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රංශය බලා පිටත්ව යාමට පෙර යුධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින්, ඔවුන්ගේ පුහුණුකරුවන්, කළමනාකරුවන් සහ පරිපාලන නිලධාරීන් වෙත සිය සුබ පැතුම් පිරිනැමූ බව යුද හමුදාව පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පුර්ණ කාලය තුළම ජෛව බුබුලක ක්‍රියාත්මක වනු ඇතැයි ද යුද හමුදාව පවසයි.