නාවික හමුදාව පානම Surfing Club ගොඩනැඟිල්ලක් ඉදි කරයි

ඔක්තෝම්බර් 28, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පානම වෙරළ තීරයේ ‘Surfing Club’ ගොඩනැඟිල්ලක් ඉදි කරඇත.

නාවික හමුදාව පවසන පරිදි පානම වෙරළ තීරයේ අභිනවයෙන් ඉදිකළ ‘Surfing Club’ ගොඩනැඟිල්ල ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 25 වන දින විවෘත කර තිබේ.

පානම ප්‍රදේශයේ සර්ෆින් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සහ විධානයේ ක්‍රීඩාවක් ද ලෙස ආරම්භ කරන ලද මෙම පහසුකම නාවික හමුදාවේ පවතින සම්පත් සහ පුහුණු ශ්‍රම බලකාය උපයෝගී කර ගනිමින් ඉදිකර ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

නැඟෙනහිර වෙරළ තීරයේ පිහිටි පානම ප්‍රදේශය, සර්ෆින් ක්‍රීඩාව සඳහා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් සහ තෝතැන්නක් වේ.