මුලන්කාවිල් දිළිඳු පවුලක් සඳහා යුද හමුදාවෙන් නව නිවසක්

ඔක්තෝම්බර් 30, 2021

ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් විසින් වෙල්ලන්කුලම, මුලන්කාවිල් ප්‍රදේශයේ ජීවත් වන දිළිඳු පවුලක් වන මුත්තු කුමාර් යසීදා මහත්මියගේ පවුල වෙත නව නිවසක් ඉදිකර පසුගියදා පවරා දෙන ලදි.

65 වන සේනාංකයට අයත් 651 බලසේනාවේ යටතේ ඇති 19 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව විසින් දකුණේ පරිත්‍යාගශීලීන් කිහිප දෙනෙකුගේ සහය ඇතිව මෙම ව්‍යාපෘතිය නිම කරන ලද බව යුද හමුදාව පවසයි.

ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්, පවුලේ සාමාජිකයින් සහ භට පිරිස් නිවස භාරදීමේ අවස්ථාව සඳහා සහභාගී විය.