නාවික හමුදාවේ ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා තරඟ වාර්තා

ඔක්තෝම්බර් 31, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක කාන්තා නැවි ගයන්තිකා අබේරත්න, ඔක්තෝබර් 30 සහ 31 යන දිනවල සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා මීටර් 1500 සහ 5000 ඉසව් වල නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවීමට සමත් වූවාය.

ඇය මීටර් 1500 කාන්තා ඉසව්වේ නව ජාතික වාර්තාව මිනිත්තු 4 යි තත්පර 9.12 කින් (4: 9.12) පිහිටුවා ගත් අතර, මීටර් 5000 කාන්තා ඉසව්ව මිනිත්තු 15 කින් සහ තත්ත්පර 55.84 කින් (15: 55.84) කින් ජයග්‍රහණය කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

නායක කාන්තා නැවි අබේරත්න 2017 තායිපේ හි පැවති තායිපේ සිටි ඒෂියන් ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලියේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් ද, 2017 ඉන්දියාවේ පැවැති ආසියානු ශූරතාවලියේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් රිදී පදක්කමක් ද, මීටර් 1500 ආසියානු මීටර් 1200 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් ද දිනා ගෙන ඇත. ජකර්තා හි පැවති ක්‍රීඩා උළෙල සහ එම ශූරතාවලියේදීම මීටර් 800 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කමක් ද හිමිකර ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.