යුධ හමුදා භටපිරිස් විසින් මහරත්මලේ පවුලක් සඳහා නිවසක්

නොවැම්බර් 02, 2021

ශ්‍රී ලංකා යුධ හමුදාව සිය සමාජ සත්කාර සේවා අඛණ්ඩව කරගෙන යමින් මින්නේරිය ප්‍රදේශයේ දිලිඳු පවුලක් සඳහා අලුතින් ඉදිකරන ලද නිවසක් තිළිණ කර ඇත.

ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු දායකත්වයෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් මෙම නිවස ඉදිකර ඇති බව යුධ හමුදාව පවසයි.

මින්නේරිය, මහරත්මලේ පදිංචි පී.ජී රෝහිණී කුමාරි වික්‍රමපාල මහත්මිය වෙත පසුගියදා (ඔක්තෝබර් 29) දින පැවති චාම් උත්සවයකදී මෙම නිවස තිළිණ කරන ලදී.