යුද හමුදාව ඉහළපළුගස්වැව ප්‍රතිසංස්කරණය කරයි

නොවැම්බර් 15, 2021

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ගල්ගමුව ඉහළපළුගස්වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සිදුකර පසුගියදා නිල වශයෙන් බලධාරීන් වෙත භාර දෙන ලදී.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘වාරි සෞභාග්‍යය’ ජාතික වාරි සංවර්ධන වැඩසටහන යටතේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය යුද හමුදා 11 වන ශ්‍රී ලංකා ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් කුරුණෑගල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේද සහයෝගයෙන් නිම කරන ලද බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

ප්‍රදේශයේ ගොවි ප්‍රජාව වෙත සෙත සැලසෙන මෙම ව්‍යාපෘතිය, 11 වන ශ්‍රී ලංකා ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ක්‍රිශාන්ත පුස්සැවෙල ගේ අධීක්ෂණය යටතේ සිදු කල බව යුද හමුදාව සඳහන් කරයි.