රුසියානු ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් ශ්‍රී ලංකාවට පැමිණෙයි

නොවැම්බර් 22, 2021

රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් සඳුදා (නොවැම්බර් 22) දින ශ්‍රී ලංකාවට පැමිණියේය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් සඳුදා දින උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මෙරටට පැමිණි රුසියානු නියෝජිතයා පිළිගනු ලැබීය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, නාවික හා ගුවන් හමුදාපතිවරුන් ද මෙම රුසියානු නියෝජිතයා පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටේරි මහතාද මේ අවස්ථාව සඳහා සහභාගී විය.