කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන්වූවන් සොයා නාවික හමුදා මෙහෙයුමක්

නොවැම්බර් 23, 2021

කින්නියා ප්‍රදේශයේදී අද (නොවැම්බර්23) දින උදෑසන සිදුවූ පාලම් පාරුවක් අනතුරකට ලක්වීමෙන් අතුරුදන් වූවන් සෙවීම සඳහා නාවික හමුදාව විසින් මෙහෙයුමක් දියත් කර ඇත.

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසලදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබේ.

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, මැරීන් බලඝණය, විශේෂ යාත්‍රා බලඝණය සහ කිමිදුම් අංශයෙන් සමන්විත සහන කණ්ඩායම් 08ක් මේ සඳහා යොදවා ඇත.

අද උදෑසන සිට අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

කින්නියා කුරින්ඥන්කර්නි පාලමෙහි සිදුවන අළුත්වැඩියා හේතුවෙන් පුද්ගලයන් ප්‍රවාහනය සඳහා මෙම පාලම් පාරුව භාවිතා කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මළ සිරුරු හයක් සොයාගෙන ඇති අතර, තවත් කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

අතුරුදන් වී ඇති තවත් පිරිස් සොයා මේ වනවිට මෙහෙයුම් සිදුකරමින් පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.